දඟකාරි...

දඟකාරි...

November 11, 2018  

Bookmark and Share
වලපනේ යටිමාදුර පුදේශයේ දඩයක් කරුවෙකු විසින් අටවන ලද මද්දකට හසුවු අවුරුදු දෙකක් පමන වයසැති මෙරටට ආවේනික කදුකර කොටි දෙනක් මුදා ගැනිමේ මෙහෙයුමක් කිර්ති බණ්ඩාරපුර අඩවි වන ජිවි කාර්යලයේ නිළධාරින් හා මධ්‍යම කලාප පශු වෛද්‍ය එකකයේ වෛද්‍ය පි.එම්.අකලංක පිනිදෙනිය මහතා ඇතුලු කන්ඩායමක් විසින් සිදු කරන ලදි.

මෙහිදි මද්දට හසුව සිටි කදුකර කොටියා නිර්වින්දනය කොට මුලික ප්‍රතිකාර ලබා දිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මධ්‍ය කලාප පශු වෛද්‍ය එකකය වෙත රැගෙන යන ලදි.

මෙම කොටියාගේ ජිවිතය දැඩි අවධානම් සහිත තත්ත්වයක පවතින බවත් මෙරටට ආවේනික මෙම කදුකර කොටින් මරා දැමිම නිසා පරිසර පද්ධතියට සහා රටට විශාල පාඩුවක් සිදුවන බව මෙහිදි වන ජිවි නිළධාරින් පවසන ලදී.

මෙම කොටියන් දඩයම් කිරිමෙන් වළකින ලෙසද එම නිලධාරින් ඉල්ලා සිටියි.

මධ්‍යම කලාප සහාකර අධයක්ෂක ඩි. එම් .විරසිංහ මහතාගේ උපදෙස් මත කිර්තිබන්ඩාරපුර වනජිවි අඩවි ආරක්ෂක සුනිල් ප්‍රේම කුමාර මහතා ඇතුලු නිළධාරින් විසින් මෙම මෙහෙයුම සිදු කරන ලදි.

(ඡායාරූප-තිලක් ද සිල්වා)