සෝදිසිය...

සෝදිසිය...

November 8, 2018  

Bookmark and Share
කාම්බෝජයේ බෝම්බ නිශ්ක්‍රීය අංශ ප්‍රධානීන් පිරිසක් යාපනය මුහමාලෙයි ප්‍රදේශයේ බෝම්බ නිශ්ක්‍රීය කිරීම් කටයුතු නිරීක්ෂණය වෙනුවෙන් සහභාගී වී තිබේ.

ඊයේ(07) යුද හමුදා ඉංජිනේරු බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශ සාමාජිකයින් බෝම්බ නිශ්ක්‍රීය කිරීම් සිදුකරන මුහමාලෙයි කිලාලි කලපුව ආසන්න ප්‍රදේශයේ බෝම්බ නිශ්ක්‍රීය කටයුතු වෙනුවෙන් අදාළ පිරිස සහභාගි වී ඇත.

යුද හමුදා ඉංජිනේරු බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය හා රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් විසින් යාපනය මුහමාලෙයි ප්‍රදේශයේ බිම් බෝම්බ නිරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

පසුගිය යුද සමයේ යුද හමුදා හා එල්.ටී.ටී.ඊ සංවිධානයේ ඉදිරි ආරක්ෂක වළලු යාපනය මුහමාලෙයි ප්‍රදේශයේ පැවතීම හේතුවෙන් අදාළ සීමාව තුළ අධික වශයෙන් බිම් බෝම්බ වළලා ඇති බව ආරක්ෂක අංශ පවසති.

මෙරට ‍සිදුවන බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු හා තාක්ෂණික යොදා ගැනීම් නිරීක්ෂණය කිරීම කාම්බෝජ නියෝජිතයින් සිදුකරනු ලැබීය.

වැඩසටහන් අවස්ථාවට යුද හමුදා ඉංජිනේරු බළකා නිළධාරීන්, බෝම්බ නිශ්ක්‍රීය අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ඡායාරූප - මාධව කුලසූරිය