යන්න බෑ...

යන්න බෑ...

November 6, 2018  

Bookmark and Share
අම්පාර කරංගාව ප්‍රදේශයේ මහජනතාවට හිරි හැරයක්ව සිටි වන අලියෙකු අද (06) අලුයම නිර්වින්දනය කර අල්ලා ගැනිමට වනජීවී නිලධාරින්ට හැකි වී තිබේ.

දින කිපයක සිට මෙම අලියා අල්ලා ගැනීමට සඳහා වනජීවී නිලධාරින් කටයුතු කර තිබේ.

ඊයේ රාත්‍රී 10.30 ට පමණ ප්‍රථම නිර්වින්දන සිලින්ජරය අලියා වෙත යොමු කලත් එයින් අලියා නිර්වින්දය වී නොමැත.

අවස්ථා කිහිපයකදීම මෙම අලියා වනජීවී නිලධාරීන් පසුපස පන්නා ගෙන පැමිණ ඇති අතර පසුව තුන්වෙනි අවස්ථාවේ ලබාදෙන එන්නතික් අලියා නිර්වින්දනය වු බව අම්පාර වනජීවී පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා පැවසීය.

පසුව මහත් වෙහෙසක් දරා මෙම අලියා ගස් බැද ඇති අතර සිහිය පැමිණීමෙන් අනතුරැව කකුල්වලට දමා තිබු කඹ කඩා ගැනීමට මහත් වෙසෙක් දරා ඇත.

එක් අවස්ථාවක අලියා බිම පෙරළුණු අතර නැවත වතාවක් එන්නත් ලබාදිමෙන් පසුව නැවතත් අලියා නැගිටිනු ලැබීය.

මෙම වන අලියා ඇල්ලීම සඳහා පශු වෛද්‍යවරැන් දෙදෙනෙකු ඇතුලු වනජීවි නිලදාරින් 21 දෙනෙකු සහභාගි වි තිබේ.

මෙම වන අලියා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට ගෙනියන බව අම්පාර වනජීවී පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල