උඩුවේ ධම්මාලෝක හිමියන් සී.අයි.ඩී අත්අඩංගුවේ

උඩුවේ ධම්මාලෝක හිමියන් සී.අයි.ඩී අත්අඩංගුවේ

March 9, 2016   01:29 pm


නිසි බපත්‍රයක් නොමැතිව අලි පැටියෙකු ළඟ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද(09)ප.ව12.30ට පමණ උන්වහන්සේ වැඩවාසය කරන පොල්හේන්ගොඩ ඇලන් මැතිණියාරාමයට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණ කැටුව ගිය බව පන්සලේ ස්වාමින් වහන්සේ කෙනෙක් අදදෙරණට කියා සිටියේය.

එසේ වුවද මීට පෙරාතුව තමන් අලි ඇල්ලුවේ නැති බවත්,අලි ඇල්ලීම සඳහා කැලේ නොගිය බවත්,අලි විකුණුවේ නැති බවත්,ඒ වෙනුවෙන් ව්‍යාජ ලේඛන හැදුවේ නැති බවත් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියේය.

එම අලි පැටවා කිසිවෙකු විසින් පන්සල් වත්තට දමා ගොස් සිටියදී තමන් විසින් කරනු ලැබුවේ එම අලි පැටවාට කවා පොවා ආදරයෙන් රැකබලා ගැනීම පමණක් යයි උන්වහන්සේ එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.