ලොක්කෙක්...

ලොක්කෙක්...

October 17, 2018  

Bookmark and Share
ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන ඇන්ටනොවූ AN 124 ගුවන්යානය අද (17) දහවල් 12.20 ට මත්තල ගුවන්තොටුපොළට ගොඩ බස්සවා තිබේ.

සවුදි ආරාබියේ Prince Sulta‍ෙගුවන්තොටුපොළේ සිට ඉන්දුනීසියාව දක්වා ගමන්කරන අතර තුර 19 දෙනෙකුගෙන් යුත් කාර්යමණ්ඩල විවේකය සඳහා මෙන්ම ඉන්ධන ලබා ගැනීම සඳහා මෙම ගුවන්යානය මෙසේ මත්තලට ගොඩ බස්සවා තිබේ.

18 වනදා අලුයම් 3.30 ට ඉන්දුනීසියාව දක්වා නැවත මෙම ගුවන්යානය ගමන් කිරීමට නියමිත වේ.

මේ අතර පසුගිය 15 වනදා දින කේරලයේ සිට විදේශිකයින් 56 දෙනෙකු රැගෙන මත්තලට ගොඩබස්වා තිබෙන AF 0899 දරණ ගුවන්යානයද 18 වනදා උදෑසන 09 ට පමණ මස්කට් දක්වා ගමන්කිරීමට නියමිතව තිබේ.

ඡායාරූප - රාහුල් සමන්ත