දක්ෂයෙක්...

දක්ෂයෙක්...

October 16, 2018  

Bookmark and Share
ඉන්දුනීසියාවේ පැවති 2018 වර්ෂයේ පැරා ඔලිම්පික් තරගාවලියෙන් දුර පැනීමේ ඉසවුව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට රිදිපදක්කමක් දිනා දුන් ක්‍රීඩක නුවන් ඉන්දික ක්‍රීඩකයා පිළිගැනිමේ උත්සවයක් අද(16) පෙරවරුවේ අම්බලන්තොට වැටිය ප්‍රදේශයේ ජනතාව එක්ව සංවිධානය කර තිබුණි.

ආබාධිත රණවිරුවිරුවෙකු ද වන නුවන් ඉන්දික රට මේ ආකාරයෙන් ගෙන දුන් කීර්තිය පැසසීම වෙනුවෙන් එයට උපහාරයක් එක් කිරිමටත් ක්‍රීඩකයෙකු ලෙස උහුට දිරියක් දීමේ අදහසින් මෙම පිළිගැන්වීමේ උත්සවය සංවිධානය කර තිබුණි.

මෙහිදී අම්බලන්තොට නෝනාගම සිට රථ පෙළපාලියක් මඟින් නුවන් ඉන්දික ක්‍රීඩකයාගේ නිවස පිහිටි වැටිය දක්වා ඔහුව රැගෙන යාම සිදුකෙරුණු අතර වැටිය විද්‍යාලයේදී ඔහුට උපහාර දැක්වීමේ උත්සවයක්ද සංවිධානය කර තිබුණි.