අමුතු ගමනක්...

අමුතු ගමනක්...

October 11, 2018  

Bookmark and Share
වවුනියාව,නගර සභා නගරාධිපති ඊ.ගෞතමන් නගර සභා කුණු ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් රථයේ නැගී වවුනියාව දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ රැස්වීමට අද(11) සහභාගි විය.

නගරාධිපතිවරයා වෙත වාහනයක් නිකුත් නොකිරීමට විරෝධය පළ කරමින් නගරාධිපතිවරයා එලෙස නගර සභා කුණු ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් රථයේ නැගී දිසාපති කාර්යාල රැස්වීමට සහභාගී විය.

නගරාධිපතිවරයා පැවසුවේ තමන් නගර සභාවේ නගරාධිපතිවරයා වෙත පත්වි ඇතත්,තමන් වෙත නිකුත් කොට ඇති වාහනය අළුත්වැඩියාව වෙනුවෙන් යොමුකොට ඇති අතර මේ වන විට තමන්ට ගමන් කිරීමට වාහනයක් නොමැතිවීම හේතුවෙන් තමන් ට්‍රැක්ටරයට නැගි දිසාපති කාර්යාලය වෙත ගමන් කළ බවයි.

තමන් වෙත වාහනයක් ලබාදෙන තෙක් තමන්ගේ රාජකාරි ගමන් කුණු ට්‍රැක්ටරයේ නැගී සිදුකිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.

ඡායාරූප - මාධව කුලසූරිය