නව තාක්ෂණය රටට ලබා ගන්න ගිවිසුම් රැසක්

නව තාක්ෂණය රටට ලබා ගන්න ගිවිසුම් රැසක්

February 25, 2016   05:06 pm




නව තාක්ෂණය රට තුළට ගෙනඒම සඳහා රජය මේ වන විට ලොව දියුණු රටවල් රැසක් සමඟ ගිවිසුම් වලට එළඹ ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පසුගියදා තමන් ජර්මනියේ සහ ඔස්ට්‍රියාවේ සිදුකළ සංචාරයේදී එම රටවල උසස් තාක්ෂණ දැනුම ශ්‍රී ලංකාවට  ලබාගැනීමට සහ එම රටවල් සමඟ අධ්‍යාපන හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අදාළ ගිවිසුම් කිහිපයකට අත්සන් තැබූ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මාලඹේ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානොත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කර තිබේ.

රටේ දරුවන් නව තාක්ෂණ දැනුමෙන් සහ අධ්‍යාපනයෙන් සන්නද්ධ කිරීමෙන් ඔවුන්ට හෙට ලෝකය ජයගැනීම සදහා ඉඩ ප්‍රස්ථාව විවර කර දෙන බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.