මරණය...
September 23, 2018
හික්කඩුව ප්රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පස්වරු 2.45 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය පැවසීය.
බද්දේගම - හික්කඩුව මාර්ගයේ හික්කඩුව තැපැල් කාර්යාලය අසළ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි ප්රහාරය සිදුකර පළාගොස් ඇති බව සඳහන්ය.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වේ.
මියගොස් ඇත්තේ 37 හැවිරිදි අයෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ඡායාරූප - දීපාල් ද සිල්වා