සජින්ගේ අලියා උඩවලවට රැගෙන යයි
February 18, 2016 05:54 pm
විදේශ අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා විසින් වසර ගණනක් තිස්සේ රඳවාගෙන සිටි බව කියන අලි යෙකු වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද දහවල් සිය භාරයට ගෙන තිබේ.
වයස අවුරුදු 15ක් පමණ වන මෙම අලියා අම්බලන්ගොඩ, හිරේවත්ත විහාරස්ථානයේ සිට ඇති අතර ඇත්ගොව්වකු යොදවා අලියාගේ සියලු නඩත්තු කටයුතු සිදුකොට ඇත්තේ සජින් වාස් ගුණවර්ධන මහතා විසින් බව කියැවේ.
අද පස්වරු 4.10ට පමණ ලොරියක පටවාගෙන මෙම අලියා රැගෙන ගොස් ඇති අතර එම අලියා උඩවලව ඇත් අතුරු සෙවණට භාරදීමට නියමිත ඇති බව පැවසේ.
අලියා සම්බන්ධයෙන් බලපත්‍රයේ ඇති ගැටළුවක් නිසා ඌ රැගෙන ගොස් ඇති බව පැවසෙන අතර දැනට වසර දහයක පමණ කාලයක සිට සජින් වාස් ගුණවර්ධන මහතා විසින් මෙම අලියා නඩත්තු කොට ඇති බව සඳහන්ය.