පිල් බෙදීමෙන් පාක්ෂිකයින් අපහසුතාවයට පත් වෙනවා
February 18, 2016 05:14 pm
එකම පක්ෂයේ පිරිස් දෙපිල බෙදී කටයුතු කිරීමෙන් අපහසුතාවයට පත්වන්නේ පාක්ෂිකයින්ම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
ඉතිහාසය තුළද පක්ෂ තුළ මෙවැනි පිල් බෙදීම් සිදුවූ බව ඔහු පවසා තිබේ.
එකිනෙකාට චෝදනා කරගැනීමෙන් වැළකී පක්ෂයේ අභීවෘද්ධිය තකා සියළු දෙනා කටයුතු කළ යුතු බව ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
එසේ නොවුණහොත් ශ්රී ලංකා නිදහස් පක්ෂය යළි ජයග්රාහී මාර්ගයකට ගෙන ඒම දුෂ්කර කාර්යයක් වනු ඇති බව හෙතෙම කියා සිටී.