ඹබර ප්‍රහාරය...

ඹබර ප්‍රහාරය...

September 14, 2018  

Bookmark and Share
හැටන් අධ්‍යාපන කලාපයට අයත් මස්කෙළිය, සමන්එළිය මහා විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසකට අද (14) ප.ව.12.30 ට පමණ එල්ල වූ හදිසි බඹර ප්‍රහාරයක් හේතුවෙන් 20 දෙනෙක් පමණ තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කරනු ලැබූහ.

පාසලේ ක්‍රීඩා පිටියේ පිහිටි ගසක බැඳ තිබූ බඹර කූඩුවක් හදිසියේ ඇවිස්සීමෙන් තමන්ට පහර දුන් බව තුවාල ලබා රෝහල් ගතකර සිටින සිසු සිසුවියෝ පැවසූහ.

පාසලේ 06, 07, 08, යන ශ්‍රේණිවල පිරිමි හා ගැහැණු ළමයින් 20 දෙනෙක් පමණ නේවාසිකව ප්‍රථිකාර ලබමින් පසුවෙති.

තුවාල ලැබූවන්ගේ තත්වය බරපතල නොවන බව මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරු පැවසූහ.

(ඡායාරූප - චන්දන ජයවීර)