Back to Top

අගමැතිවරුන්ගේ හමුවීම....

අගමැතිවරුන්ගේ හමුවීම....

September 13, 2018  

Bookmark and Share
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කාම්බෝජ අග්‍රාමාත්‍ය හුන් සෙන් මහතා හමුවී තිබේ.

ශ්‍රී ලාංකේය ව්‍යවසායකයන්ට කාම්බෝජයේ ව්‍යාපාර ආරම්භ කරලීම සඳහා පැමිණෙන මෙන් ආරාධනා කළ කාම්බෝජ අග්‍රාමාත්‍ය හුන් සෙන් මහතා ඒ සඳහා සියළු පහසුකම් ලබා දීමට තම රජය කැමැත්තෙන් සිටින බව ද පැවසීය.

අද (13 වන දා) හැනෝයි නුවර ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුව අතරවාරයේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමින් සෙන් මහතා තවදුරටත් පැවසූයේ දෙරට අතර ව්‍යාපාර කටයුතු ආරම්භ කරලීම සඳහා මූලිකත්වය ලබා දිය යුතු බවය.

අන්‍යෝන්‍ය ආයෝජන ආරක්‍ෂණ ගිවිසුමක් සකස් කරලීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.

දෙරට අතර වීසා රෙගුලාසි ලිහිල් කරලීමේ මූලික පියවරක් ලෙස රාජ්‍ය තාන්ත්‍රික හා රාජකාරි ගමන් බලපත්‍ර වීසා වලින් නිදහස් කරලීමට ද අග්‍රාමාත්‍යවරු එකඟත්වයකට පැමිණ තිබේ.

1979 වසරේ සිය ශ්‍රී ලංකා සංචාරය සිහිපත් කළ කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා, ඒ අවස්ථාවේදී වැඳ පුදා ගත් බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳව ද සිහිපත් කර තිබේ.

දෙරට අතර ආගමික හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමට ද කටයුතු කළ යුතු බව දෙපාර්ශවයේම මතය විය.

මේ කාර්යයන් විධිමත් කරලීම සඳහා දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර කඩිනම් සාකච්ඡාවක් පැවත්වීමට ද තීරණය කෙරිණි.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්තා දිසානායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා මේ අවස්ථාට එක්වූහ.

MOST VIEWED VIDEO STORIES