ජාත්‍යන්තර විනිසුරුවන් යොදාගත යුතුයි කියා බලපෑම් කර නෑ

ජාත්‍යන්තර විනිසුරුවන් යොදාගත යුතුයි කියා බලපෑම් කර නෑ

February 13, 2016   05:26 pm


මෙරට යුධ සමයේ සිදු වු මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර විනිසුරුවරුන් යොදාගත යුතු බවට කිසිදු අවස්ථාවක බලපෑම් සිදු නොකරන බව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමාරු පවසයි.

එම ක්‍රියාවලිය අපක්ෂපාති හා ස්වාධින විය යුතු බව මානව හිමිකම් කොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇත.

විදෙස් මාධ්‍ය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු මේ බව ප්‍රකාශ කර තිබේ.

පරීක්ෂණ සිදු කරන යාන්ත්‍රණය අපක්ෂපාති හා ස්වාධිනනම් ඊට සියලු සහයෝගයන් ලබාදීමට එක්සත් ජාතින්ගේ සංවිධානය කටයුතු කරන බව මානව හිමිකම් කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් පෙර සඳහන් කළ පරිදි දෙමුහුන් වර්ගයේ යාන්ත්‍රණයක් පිළිබඳ  තමන් දැඩි කැමැත්තකින් සිටින බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආණ්ඩුව යම් උත්සහයක් ගෙන ඇති බව පවසන හුසේන් කුමරු එය අගය කරන බව ද ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුවට තවත් බොහෝ දේ සිදු කිරීමට පවතින බව ද සෙයිද් රාද් අල් හුසේන් කුමරු වැඩිදුරටත් පවසා තිබේ.