කුවේට් ගිය තවත් 104ක් දිවයිනට

කුවේට් ගිය තවත් 104ක් දිවයිනට

February 13, 2016   05:00 pm



කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්වූ පුද්ගලයින් 104 දෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් යළි මෙරටට ගෙන්වාගෙන තිබේ.

කුවේට් තානාපති කාර්යාලයේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අයත් සුරක්ෂා නිවාස රැකවරණයේ සිටි පිරිසක් මෙලෙස අද පෙරවරුවේ මෙරටට ගෙන්වා ගත් බව එම කාර්යාංශය සඳහන් කළේය.

එම පුද්ගලයින් විසා කාලය ඉක්මවා සේවයේ යෙදී සිටීම, ගිවිසුම් ගත රැකියා නොලැබීම, විවිධ ශාරිරක හිංසන ඇතුළු ගැටළු රැසකට මුහුණ පා සිටි අය බව සඳහන්ය.

අනුරාධපුර, ගාල්ල, ත්‍රිකුණාමලය, මහනුවර, මඩකළපුව, කුරුණෑගල සහ පොළොන්නරුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් මෙලෙස යළි මෙරටට ගෙන්වාගෙන ඇති අතර  ඔවුන් අතරින් 08 දෙනෙකු පිරිමි පුද්ගලයින් බව වාර්තා වෙයි.

මේ අතර සුරක්ෂා නිවාසයේ සිටින අනෙක් පිරිස ද කඩිනමින් ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.