එයාලා විදුලි පුටුවෙන් ගලවා ගත්තේ මමයි
February 13, 2016 04:53 pm
මෙරට හිටපු දේශපාලන නායකයින් විදුලි පුටුවට ගෙනයාමෙන් ගලවා ගැනීමට හැකි වූයේ නව රජය බලයට පත් වූ නිසා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මෛත්‍රීපාල සිරිසේන බලයට පත් වූවහොත් තමන් විදුලි පුටුවට ගෙන යනු ඇති බවට එදා දේශපාලන නායකයින් පැවසුව ද ඔවුන් ඉන් ගලවා ගැනීමට හැකි වූයේ නව රජය බලයට පත්වීම නිසා බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
පොළොන්නරුව, වැලිකන්ද ජල යෝජනා ක්රමයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ ඉදිරිගමනට සෑම රටකම සහය සහ ආශිර්වාදය හිමිව ඇති අතර මෙරටට කිසිදු සතුරු බලවේගයක් නොමැති බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.
ජාත්‍යන්තරය දිනා ගනිමින් රට දිනා ගෙන වැඩපිළිවෙළට රජය අවතීරණ වී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා රට තුළ සමබර සංවර්ධනයක් ඇති කිරීම සඳහා සැම දිස්ත්‍රික්කයකම විශේෂ ව්‍යාපෘති ක්‍රියාවට නංවන බව ද එහිදී ප්‍රකාශ කර තිබේ.