මී ගවයින් 04ක් මරා ප්රවාහනය කරමින් සිටි 3ක් මාට්ටු
February 13, 2016 02:30 pm
නීති විරෝධී අයුරින් මී ගවයින් 04 දෙනෙකු මරා ප්රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු දර්ගා නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් පොලිස් විශේෂ කාර්ය බලකායේ ගාල්ල කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.
එහිදී ඔවුන් සතුව තිබී ගව මස් කිලෝග්රෑම් 158ක් සහ ගව ඝාතනයට යොදා ගත් උපකරණ සහ ප්රවාහන සඳහා යොදාගත් ටිපර් රථය ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අළුත්ගම පොලිසියට භාරදී ඇත.