රිටිගල නිලධාරියාගේ වැඩ තහනම් කළා

රිටිගල නිලධාරියාගේ වැඩ තහනම් කළා

February 13, 2016   12:48 pm



රිටිගල පුරාවිද්‍යා ස්ථාන භාර නිලධාරිවරයාගේ වැඩ තහනම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ දෙස් විදෙස් සංචාරකයින්ගේ ආධාර එකතු කිරීමට තබා ඇති පෙට්ටිය නිසි පරිදි මුද්‍රා නොතිබීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ඔහුගේ වැඩ තහනම් කර ඇති බවයි.

අදාළ චෝදනා විමර්ශනය කර වරදකරුවන් වන නිලධාරින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් සෙනරත් දිසානායක මහතාට දැනුම් දී ඇත.

මේ අතර පුරාවිද්‍යා ස්ථාන නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් අයථා අයුරින් මුදල් අයකිරීම් සිදු වන බවට තොරතුරු රැසක් අනාවරණය වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

 මේ හේතුවෙන් දිවයින පුරා ඇති පුරාවිද්‍යා ස්ථාන ආවර්ණය වන පරිදි වැටලිම් සිදු කිරීමට ද අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.