වකගඩු ජාවාර‍ෙම් මොළකරුවන් හෙළිකරන්න කණ්ඩායමක් එයි

වකගඩු ජාවාර‍ෙම් මොළකරුවන් හෙළිකරන්න කණ්ඩායමක් එයි

February 13, 2016   12:39 pm



වකුගඩු ජාවාරමට සම්බන්ධ මෙරට වෛද්‍යවරුන් පිළිබඳ තොරතුරු අනාවරණය කිරීම සඳහා ඉන්දියාවේ, හයිදාබාද් පොලිස් නිලධාරින් කණ්ඩායමක් මෙරටට පැමිණිමට නියමිතව තිබේ.

සයිබර් අපරාධ පිළිබඳ හයිද්‍රාබාද් පොලිසියේ නිලධාරින් පිරිසක් මෙරටට පැමිණිමට නියමිත බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සිදු කෙරෙන මෙම වකුගඩු ජාවාරම පිළිබඳව ඉන්දීය මාධ්‍ය පසුගියදා තොරතුරු අනාවරණය කරන ලදී.

එහිදී මෙරට වෛද්‍යවරුන් කිහිප දෙනෙකු ද ඊට සෘජුව සම්බන්ධ බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේය.

මෙම වෛද්‍යවරුන් පිළිබඳව කරුණු අනාවරණය කිරීම සඳහා හයිද්‍රාබාද් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙරටට පැමිණෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර වකුගඩු ජාවාරමේ ඒජන්තවරුන් ලෙස කටයුතු කරන පුද්ගලයින් ද ඔවුන්ගේ වකුගඩු මුදලට විකුණා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබේ.

ඔවුන් ලක්ෂ 05 ක වැනි මුදලකට  වකුගඩු විකිණීම් කටයුතු සිදු කරන බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර මෙම වකුගුඩු ජාවාරම පිළිබඳව මෙරට සෞඛ්‍ය අංශ ද පරීක්ෂණයක් සිදු කළ අතර එහි වාර්තාව මේ වන විට සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත භාර දී ඇත.