දේශපාලන හිතවත්කම් බෑ - බලපත්‍ර ටෙන්ඩර් කැඳවීමෙන් පමණයි
February 13, 2016 11:21 am
අධිවේගී මාර්ගවල ධාවනයට යොදවා ඇති බස් රථ සඳහා බලපත්‍ර ලබාදීමේදී ටෙන්ඩර් කැඳවා විනිවිධභාවයෙන් යුතුව එවා ලබාදිය යුතු බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය රජය සමයේදී දේශපාලන හිතවත්කම් මත දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථ සඳහා බලපත්‍ර නිකුත් කර ඇති බවට චෝදනා එල්ල වී ඇති බවයි.
ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල, මහා මාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් සමග ඊයේ පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කර ඇත.
ඉලෙක්ට්‍රොනික ගෙවීම්පත ලබන මාර්තු මාසයේ සිට තවදුරටත් ව්‍යාප්ත කිරීමට එහිදී අවධානය යොමු වී ඇති බව සඳහන්ය.
එමෙන්ම යාපනය, මහරගම සහ නාරාහේන්පිට යන ප්‍රදේශවල පෞද්ගලික බස් රථ ඒකාධිකාරය දැඩිව පැවතීම හේතුවෙන් එම තත්ත්වය පාලන කිරීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට ද එම සාකච්ඡාවේදී අවධානය යොමුවී ඇත.