මංගල - දෙමළ සන්ධානය හමුවක්
February 13, 2016 11:16 am
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සහ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
යාපනය පිහිටි දෙමළ ජාතික සන්ධාන ප්‍රධාන කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැති බව වාර්තා වේ.
උතුරේ වත්මන් තත්ත්වය, නැවත පදිංචි කිරීමේ කටයුතු සහ යුධ සමයේ සිදු වූ බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම පිළිබඳ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයාගේ ස්ථාවරය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබේ.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් විසින් වත්මන් දේශපාලන තත්ත්වය සහ සංහිඳියාව වර්ධනය කිරීම සඳහා ලබාදුන් උපදෙස් සම්බන්ධයෙන් ද එහිදී වැඩිදුරටත් සාකච්ඡා වූ බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.