අලුත්වැඩියාවක් නිසා කැලණිවැලි දුම්රිය බේස්ලයින් දක්වා පමණයි

අලුත්වැඩියාවක් නිසා කැලණිවැලි දුම්රිය බේස්ලයින් දක්වා පමණයි

February 13, 2016   10:25 am




කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් දුම්රිය හරස් මාර්ගයේ පිළිසකර කිරී‍මක් හේතුවෙන් අද (13) සහ හෙට (14) යන දෙදින වල එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවල වෙනසක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය කියයි.

 ඒ අනූව අද පස්වරු 07 සිට හෙට  අළුයම 05 දක්වා බේස්ලයින් දුම්රිය හරස් මාර්ගයේ කොටසක් වසා තැබෙනු ඇත.

එමෙන්ම හෙට (14)  රාත‍්‍රී 07 සිට පසුදින අළුයම 05 දක්වා හරස් මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමීමට නියමිතය.

මෙම කාලසීමාවේදී බේස්ලයින් මාර්ගයේ ගමන් කරන රියදුරන් විකල්ප මාර්ග භාවිත කළ යුතු වේ.

පිළිසකර කිරීම හේතුවෙන් අදාළ දිනවලදී  බේස්ලයින් සිට මරදාන දක්වා දුම්රිය ධාවනය සිදුනොවනු ඇත.

එසේම කැලණිවැලි මාර්ගයේ  අවිස්සාවේල්ල සිට බේස්ලයින් දක්වා පමණක් ධාවන කටයුතු සිදුවන බව දුම්රිය පාලක මැදිරිය පැවසීය.