වෙනසට බාධා වැඩියි
February 13, 2016 09:51 am
පසුගිය ජනාධිපතිවරණයෙන් බලාපොරොත්තු වූ වෙනස ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට බරපතළ බාධා පවතින බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පවසයි.
ඔහු පවසන්නේ මීට පෙර පැවති රජය විසින් කළ ඇතැම් ක්‍රියාකාරකම් වර්තමානයේද ඔවුන් විසින් ක්‍රියාත්මක කරන බැවින් එම බාධාව පවතින බවයි.
අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.