ඉන්දියාවට ලකුණු 69ක ජයක්
February 12, 2016 11:03 pm
ශ්‍රී ලංකාවට එරෙහි පැවැති දෙවන පන්දුවාර 20-20 තරඟයෙන් ලකුණු 69ක ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
ඉන්දියාව කඩුලු 6ට ලබාගත් ලකුණු 196ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ලබාගත්තේ ලකුණු 127කි.
එම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමේදී කඩුලු 9ක් බිඳ වැටුණු අතර චාමර කපුගෙදර ලකුණු 32ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 31ක් හා මිලින්ද සිරිවර්ධන නොදැවී ලකුණු 28ක් වශයෙන් ලබා ගැනීමට සමත් විය.
මෙම තරඟාවලියේ පළමු තරඟයෙන් ශ්‍රී ලංකාව ජයග්රහණය් ලබා ගන්නා ලදී.