මෙක්සිකෝ බන්ධනාගාර ගැටුමෙන් 49ක් මරුට
සයුරෙන් එතෙර

මෙක්සිකෝ බන්ධනාගාර ගැටුමෙන් 49ක් මරුට

February 12, 2016   11:02 am





මෙක්සිකෝවේ බන්ධනාගාරයක සිදු වූ ගැටුමකින් රැදවියන් 49 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

රැදවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් මෙම පිරිස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තියුණු ආයුධ සහ මුගුරු භාවිත කරමින් සිදු වූ පහරදිම් වලින් ඔවුන් මියගොස් තිබේ.

ගැටුමින් තවත් රැදවියන් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර ගැටුමේදී බන්ධනාගාරයේ ගබඩා කාමරයක ගින්නක්ද හටගෙන ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් පසුව බන්ධනාගාර නිළධාරින් විසින් තත්ත්වය පාලන කර තිබේ.