දුම්රියේ ගැටී 1ක් මරුට
February 12, 2016 09:34 am
වැල්ලවත්ත දුම්රිය ස්ථානය අසළදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලිසිය පැවසුවේ ඊයේ රාත්රී 07.10ට පමණ ගල්කිස්ස සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියේ අදාළ පුද්ගලයා ගැටී ඇති බවයි.
දුම්රියේ ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ.
මරණකරු කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
මෘත ශරීරය මේ වන විට කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.