මත්තලින් නැවතත් කටුනායකට

මත්තලින් නැවතත් කටුනායකට

February 11, 2016   12:17 pm



අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මත්තල ගුවන් තොටුපොළට ගොඩබැස්සවූ ගුවන් යානා තුන යළි කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

අද(11) උදෑසන කටුනායක ගුවන්තොටුපොළේ ගොඩැස්වීමට තිබූ ගුවන් යානා තුනක් අධික මීදුම් තත්ත්වය හේතුවෙන් මත්තල ගුවන්තොටුපොළට ගොඩබස්සවනු ලැබීය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා දෙකක් සහ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඒ අතර වෙයි.

මෙම ගුවන්යානා බීජිං, ඩුබායි සහ දෝහා සිට පැමිණ ඇති බවයි වාර්තා වී ඇත.

කටුනායක ගුවන්තොටුපොළේ කාලගුණය සාමාන්‍ය තත්ත්වයට පත්වීමෙන් අනතුරුව මත්තල ගුවන් තොටුපොළේ සිට යළිත් අදාළ ගුවන්යානා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බව අද දෙරණ ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය.