නීතිපති පුටුව පුරවයි

නීතිපති පුටුව පුරවයි

February 10, 2016   05:52 pm

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙකු වන ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා නීතිපතිවරයා ලෙස පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාව විසින් නිර්දේශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 32ක සේවා අත්දැකීම් ඇති මොහු 1983 සිට අතිරේක සොලිස්ටර් ජනරාල් වශයෙන් කටයුතු කර තිබේ.

නීතිපති යුවන්ජන විජේතිලක මහතා විශ්‍රාම ගැනීමෙන් පසු පුරප්පාඩුවූ නීතිපති ධූරයේ වැඩබලනු ලැබුවේ සුහද ගම්ලත් මහතා විසිනි.

කෙසේ වෙතත් අද දිනයේ ව්‍යවස්ථාදායක සභාව විසින් මෙරට 29 වන නීතිපතිවරයා ලෙස ජයන්ත ජයසූරිය මහතා නිර්දේශ කර තිබේ.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ජයන්ත ජයසූරිය මහතා ජනාධිපතිවරයා ඉදිරියේ නව නීතිපතිවරයා ලෙස දිවුරුම් දෙනු ඇත.