සංහිඳියා වැඩපිළිවෙළට ඩොලර් මිලියන 31ක්

සංහිඳියා වැඩපිළිවෙළට ඩොලර් මිලියන 31ක්

February 10, 2016   04:52 pm



සංහිඳියා වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට සහ දූෂණ අක්‍රමිකතාවන්ට එරෙහිව පියවර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 31ක මූල්‍යාධාර ලබාදීමට අමෙරිකානු රජය යෝජනා කර තිබේ.

2016-2017 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලියෙන් අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමෙන් පසු ශ්‍රී ලංකාව තුළ ඓතිහාසික දේශපාලන පරිවර්තනයක් සිදුව ඇති බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ආධාර ලබාදීමේ වැඩපිළිවෙළ ද නව පරිච්ඡේදයකට එළඹ ඇති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසා ඇත.