ඥානසාර හිමියන් යළි 16 තෙක් රිමාන්ඩ්
February 10, 2016 04:40 pm
සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැණ තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව බුදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ අනුව උන්වහන්සේ පෙබරවාරි මස 16 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඥානසාර හිමියන් ඊයේ දිනයේ ඇප මත නිදහස් වුවද මෙම නඩු චෝදනාවකට අදාළව යළිත් අද (10) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.