මංගල ඉල්ලා අස්විය යුතුයි
February 10, 2016 04:35 pm
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට දැඩි අසාධාරණයක් හා දැඩි විවේචනයක් සිදු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
අද(10) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.
එමෙන්ම විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර මහතා ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් අල් හුසේන කුමරු විපක්ෂයේ මන්ත්‍රීවරුන් මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිතව තිබූ බවත්, එය මංගල සමරවීර මහතා විසින් වැලැක්වූ බවත් ඔහු පැවසුවේය.
රටේ යහපතට පටහැනි වන යෝජනා ඉදිරිපත් කිරීමේ වගකීම තමන් විසින් භාරගත යුතු අතර ජනතා මතයට ගරු කරන්නා වූ සදාචාරය වැලැක්වීමේ අයතා උත්සහය සැලකිල්ලට ගත් කර එම ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බවද ඒ මහතා එහිදී කියා සිටියේය.
එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් හුසේන් කුමරු ඉදිරිපත් කළ අදහස් සමස්ථ අධිකරණ පද්ධතියට කරන ලද අපහාසයක් බවයි