පුංචි ඡන්දය ප්‍රමාදවීමේ වගකීම ආණ්ඩුවට ගන්න බෑ

පුංචි ඡන්දය ප්‍රමාදවීමේ වගකීම ආණ්ඩුවට ගන්න බෑ

February 10, 2016   03:47 pm


පළාත් පාලන ඡන්දය ප්‍රමාදවීම සම්බන්ධයෙන් රජයට වගකීමක් නොමැති බව පළාත් සභා හා පළාත්පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි.

අද(10)කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ පළාත් පාලන මැතිවරණය ප්‍රමාදවීම සම්බන්ධයෙන් ඇතැමුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් නඩුවක්ද ගොනුකර තිබෙන බවයි.

සීමා නීර්ණ කටයුතු අවසන්වීමට ප්‍රථම පනත සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ බවත්,ඒ නිසාම ආණ්ඩුවට පස්සට යාමට හැකියාවක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රීලනිපය කඩා විසුරුවා ගැනීමට උත්සාහ දරන පිරිස් දැනුවත්ව හෝ නොදැනුවත්ව එජාප‍යේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරන බව අමාත්‍යවරයා කියා සිටියේය.

කෙසේ වුවද ශ්‍රීලනිප නායකත්වය දැරූ අයට පක්ෂය රැකගැනීමේ වගකීමක් තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.