සේවක අයවැය පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

සේවක අයවැය පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

February 10, 2016   03:13 pm




පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප රුපියල් 2500කින් වැඩි කිරීම ඇතුළු කරුණු ඇතුළත් සේවකයන්ගේ අයවැය සහන දීමනා පනත් කෙටුම්පත සහ අවම වේතනයක් නියම කිරීමේ පනත් කෙටුම්පත කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යවරයා විසින් අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබේ.

ඒ අනුව සේවකයන්ගේ අවම වැටුප රුපියල් 2500කින් වැඩි වන බවත්, එය 2015 වර්ෂයේ මැයි මස සිට රුපියල් 1500 කින් වැඩි කළ අතර මේ වසරේ මැයි මස සිට ඉතිරි රුපියල් 1000ක ප්‍රමාණය වැඩි වන බවත් අමාත්‍යවරයා පවසා තිබේ.

නමුත් එම පනත් කෙටුම්පත්වල අන්තර්ගතවන ඇතැම් විධිවිධාන පිළිගත නොහැකි බව  ජාතික කම්කරු උපදේශක සභාවේ නියෝජිත වෘත්තීය සමිති පවසා ති‍බේ.

එහි කැඳවුම්කරු ඩී.ඩබ්ලිව්.සුබසිංහ මහතා සඳහන් කළේ එම විධිවිධානයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බවයි.

අදාළ පනත්හි විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් මූලික අයිතිවාසිකම් කොන්දෙසිවලට පටහැනි බව  ඩී.ඩබ්ලිව්.සුබසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබුණි.