භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැණියි
February 10, 2016 01:36 pm
ථේරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතේ ඇතැම් දේවල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය වී තිබේ.
එබැවින් එය සම්මත කිරීමටනම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයකින් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇතැයි කථානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුට දැනුම්දී ඇත.
එහෙත් ව්‍යවස්ථාවට අනනුකූල නොවන කොටස් ඉවත් කරන්නේනම් සාමාන්‍ය බහුතර බලයකින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීමට හැකියාවක් පවතින බවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් බව කථානායකවරයා වැඩිදුරටත් පාර්ලිමේන්තුවට පෙන්වාදී තිබේ.
මෙම පනත් කෙටුම්පත 2015 දෙසැම්බර් මස 14 වන දින රජයේ ගැසට්පත්‍රයේ පළකොට බුද්ධ ශාසන අමාත්‍යවරයා විසින් 2016 ජනවාරි මස 12 වන දින ඉදිරිපත් කර ඇත.