Back to Top

Ad

අගමැතිගෙන් සෘජුව ප්‍රශ්න අහන්න පැය භාගයක්

අගමැතිගෙන් සෘජුව ප්‍රශ්න අහන්න පැය භාගයක්

February 10, 2016  01:23 pm

Bookmark and Share

අද සිට පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන බදාදා දිනයන්හි පැය භාගයක් අග්‍රාමාත්‍යවරයාට සෘජුව ප්‍රශ්න යොමු කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබාදී තිබේ.

මෙය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායෙන් එන'අගමැතිගෙන් අහන්න'යන තේමාවෙන් යුතු සම්ප්‍රදාය මත පදනම්ව ඇති බව සඳහන්ය.

මේවන විට රැස්ව ඇති පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් මීට ස්වල්ප මොහොතකට පෙර අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න ඇසීමේ අවස්ථාව ලබාදුන් බව අදදෙරණ වාර්තාකරු පවසයි.