සේවක අයවැය පනතේ ඇතැම් විධිවිධාන පිළිගත නොහැකියි

සේවක අයවැය පනතේ ඇතැම් විධිවිධාන පිළිගත නොහැකියි

February 10, 2016   01:22 pm



පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඉදිරිපත් කර තිබු සේවකයන්ගේ අයවැය සහන දීමනා පනතේ සහ අවම වේතනයක් නියම කිරීමේ පනතෙහි ඇතැම් විධිවිධාන පිළිගත නොහැකි බව  ජාතික කම්කරු උපදේශක සභාවේ නියෝජිත වෘත්තීය සමිති  පවසයි.

එහි කැඳවුම්කරු ඩී.ඩබ්ලිව්.සුබසිංහ මහතා සඳහන් කළේ එම විධිවිධානයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බවයි.

 සේවකයන්ගේ අයවැය සහන දීමනා පනත සහ අවම වේතනයක් නියම කිරීමේ පනත ඊයේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබුණි.

අදාළ පනත්හි විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් මූලික අයිතිවාසිකම් කොන්දෙසිවලට පටහැනි බව ඩී.ඩබ්ලිව්.සුබසිංහ මහතා සඳහන් කළේය.