15 හැවිරිදි පිරිමි දරුවා අපයෝජනය කර ඝාතනය කරලා?

15 හැවිරිදි පිරිමි දරුවා අපයෝජනය කර ඝාතනය කරලා?

February 10, 2016   11:42 am


රත්නපුර පොලිස්බල ප්‍රදේශයේ ගල්ඉන්න,මාරපන ප්‍රදේශයේ දළු මඩුවක කාමරයක තිබී 15 හැවිරිදි පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.

අද (10)පෙරවරුවේ හමුවූ මෙම මළ සිරුරේ අත්දෙක රෙදි පටියකින් ගැට ගසා ඇති බවත්, සැකකටයුතු අන්දමින් දරුවා මියගොස් ඇති බවත් පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වන්නියවත්ත දවුල්කාරගේ අංජන කවිදු කුමාර නැමැති ගල්ඉන්න, මාරපන- රත්නපුර ලිපිනයේ පදිංචි දරුවෙකු බව සඳහන්ය.

මෘතශරිරය සම්බන්ධයෙන් රත්නපුර මහේස්ත‍්‍රාත්තුමා විසින් මහේස්ත‍්‍රාත් පරික්‍ෂණයක් පැවැත්විමට නියමිත බවත්,රත්නපුර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

කෙසේවෙතත් මෙම දරුවා අපයෝජනයට ලක්කොට ඝාතනය කරන්නට ඇතැයි සැකකරන බව අදදෙරණ වාර්තාකරු පවසයි.