නීතිපතිවරයා කවුද? තීරණයක් ගන්න ව්‍යවස්ථාදායක සභාව රැස්වෙයි

නීතිපතිවරයා කවුද? තීරණයක් ගන්න ව්‍යවස්ථාදායක සභාව රැස්වෙයි

February 10, 2016   09:00 am



නව නීතිපතිවරයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ව්‍යවස්ථාදායක සභාව අද(10) රැස්වීමට නියමිතව තිබේ.

අද පස්වරු 4.00ට ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත බව සඳහන්ය.

නීතිපතිවරයා තෝරාගැනීම සඳහා ඊට අදාළ නම් තුනක් යෝජනා කර තිබේ.

දැනට වැඩ බලන නීතිපතිවරයා ලෙස කටයුතු කරන සුහද ගම්ලත් මහතාට අමතරව ජයන්ත ජයසූරිය සහ කපිල වෛද්‍යරත්න යන මහත්වරුන්ගේ නම් ද යෝජනා වී ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් ව්‍යවස්ථාදායක සභාව සඳහා නීතිපති පත් කිරීමට අදාළව නම් තුනක් යෝජනා කිරීම නව ව්‍යවස්ථා සංශෝධනයට අනුකූළ නොවන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සමන් රත්නප්‍රිය මහතා පෙන්වා දී තිබේ.