ලංකාවේ සාස්තර කියපු ඉන්දීය ජාතිකයන් 2ක් කොටු

ලංකාවේ සාස්තර කියපු ඉන්දීය ජාතිකයන් 2ක් කොටු

February 10, 2016   08:54 am



ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු උඩුපුස්සැල්ලාව නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් මෙරට රැඳී සිටීමේ  චෝදනාව මත උඩුපුස්සැල්ලාව පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයන් දෙදෙනා සංචාරක වීසා මත දිවයිනට පැමිණ සාස්තර කියමින් මෙරට රැඳී සිට ඇති බව පොලීසිය පවසයි.

ඔවුන් වලපනේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරි පත් කිරීමෙන් අනතුරුව ලබන 16 වනදා දක්වා මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබීමට නියෝග කර තිබේ.