තවත් සිද්ධියකට ඥානසාර හිමි යළි රිමාන්ඩ්

තවත් සිද්ධියකට ඥානසාර හිමි යළි රිමාන්ඩ්

February 9, 2016   05:30 pm


අධිකරණයට අපහාස වන අන්දමින් හැසිරුණු බවට චෝදනා ලැබූ බුදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත නිදහස් වුවද වෙනත් නඩු චෝදනාවකට අදාළව යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අතුරුදහන් කෙරුණු මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැණ තර්ජනය කළ සිදුවීමට අදාළව හෙට දිනය(10)දක්වා උන්වහන්සේ මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බව අදදෙරණ වාර්තාකරු පවසයි.

අධිකරණයට අපහාස කළ බවට එල්ල කෙරුණු චෝදනාවන්ට අදාළව ඥානසාර හිමියන් සමග අත්අඩංගුවට ගනු ලැබූ අනෙක් හය දෙනා ලබන 16 තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු බවද අප වාර්තාකරු කියා සිටියි.

මෙම සැකකරුවන් හය දෙනා අතර ගිහි පිරිස් සිව්දෙනෙකු හා භික්ෂුන් වහන්සේලා දෙනමක්ද සිටින බව සඳහන්ය.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.