ගුද මාර්ගයෙන් යූරෝ 30,000ක් මතුවෙලා

ගුද මාර්ගයෙන් යූරෝ 30,000ක් මතුවෙලා

February 8, 2016   06:29 am


නීති විරෝධී ලෙස විදෙස් මුදල් තොගයක් සමග සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව සිටි 55 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට පත්ව තිබේ.

අද(08)අලුයම 1.10ට  SQ469 දරණ ගුවන්යානයෙන් සිංගප්පූරුව බලා පිටත්වයාමට සූදානම්ව සිටි සැකකාර පුද්ගලයා ස්වකීය ගුදමාර්ගයේ යූරෝ 30,000 ක මුදලක් සඟවාගෙන සිටියදී පිටවීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

මෙම මුදල්වල වටිනාකම රු.4,905,768.00 ක් බවත්, සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවත් ශ්‍රී ලංකා රේගුවේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.