පී.එච්.අයිගේ නීතියට වෙළෙඳුන් හරස්වෙයි
February 7, 2016 04:58 pm
දෙහිඅත්තකණ්ඩිය, නවමැදගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට එරෙහිව වෙළෙඳුන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වී තිබේ.
නවමැදගම නගරයේ වෙළෙඳසැල් සියල්ල වසා දමා කළුකොඩි ඔසවා පොළොන්නරුව - මහියංගන ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ඔවුන් උද්ඝෝෂණයේ නිරත වු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.
අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙළෙඳුන්ට විවිධ බලපෑම් සිදුකරමින් සිටින බවත් ඔහුට එරෙහිව කටයුතු කරන පුද්ගලයින්ට විවිධ චෝදනා යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් උද්ඝෝෂකයින් චෝදනා කරයි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිකළ වෙළෙඳසැලකට අධිකරණ නියෝග මත මුද්‍රාතැබීම හේතුවෙන් ඊට එරෙහිව වෙළෙඳුන් මෙම විරෝධතාව සංවිධානය කර ඇති බවයි.