ප්‍රියංකර ජයරත්න බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමට කැඳවයි
February 7, 2016 03:45 pm
නීතිය සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබේ.
ලබන 09 වැනිදා පෙරවරුවේ එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස තමන්ට දැනුම් දී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
පසුගිය ආණ්ඩුව සමයේ සිවිල් හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ප්‍රියංකර ජයරත්න මහතා යි.
එම කාලය තුළ ශ්‍රී ලංකන් කේටරින් ආයතනයේ සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව ඇති බව කියන අක්රමිකතාවන්ට අදාළව ප්‍රියංකර ජයරත්න මහතා බරපතළ වංචා විමර්ශන කොමිසම හමුවට කැඳවා ඇති බව සඳහන්ය.
අමාත්‍යවරයා බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවට මීට පෙර ද කැඳවා තිබුණි.