මහකොමසාරිස් විග්නේෂ්වරන් හමුවෙයි

මහකොමසාරිස් විග්නේෂ්වරන් හමුවෙයි

February 7, 2016   12:51 pm




උතුරු පළාතේ සංචාරයක නිරත වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ ප්‍රධාන අමාත්‍යවරයා මුණගැසී සාකච්ඡා පවත්වා තිබේ.

අද(07) උදෑසන හුසේන් කුමරු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී සී.වී. විග්නේෂ්වරන් මහතා හමුවී ඇති බව සඳහන්ය.

එහිදී උතුරු පළාතට වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති අතර සී.වී. විග්නේෂ්වරන් මහතා විසින් යුදමය වාතාවරණය පැවති සමයේ අතුරුදන්වූවන් පිළිබඳ වාර්තාවක් ද මහකොමසාරිස්වරයා වෙත භාරදී තිබේ.

එම සාකච්ඡාවෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා උතුරු පළාත් ආණ්ඩුකාර එච්.එම්.ජී.එස්.පලිහක්කාර මහතා හමුවි සාකච්ඡා පැවැත්වූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවති බව සඳහන්ය.

එම සාකච්ඡාවලින් අනතුරුව මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු මේ වන විට නල්ලූර් කෝවිල වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වෙමින් සිටින බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.