මාබෝල ගබඩාවක ගින්නක්

මාබෝල ගබඩාවක ගින්නක්

February 7, 2016   12:07 pm



වත්තල, මාබෝල ප්‍රදේශයේ ගබඩාවක් හදිසියේ හටගත් ගින්නකින්  ගබඩාව සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.

අද(07) අලුයම තීන්ත සෑදීමට ගන්නා රසායනික ද්‍රව්‍ය ගබඩා කර තිබු ස්ථානයක් මෙලෙස ගින්නෙන් විනාශ වී ඇති බව සඳහන්ය.

 ගින්නෙන් කිසිදු ජීවිත හානි හෝ තුවාල කිසිවක් වාර්තා වී නොමැති බව පොලීසිය පවසයි.

කොළඹ ගිනි නිවීමේ ඒකකය සහ පොලීසිය එක්ව ගින්න මැඩපවත්වා තිබේ.
 
සිදුව ඇති අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර වත්තල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.