බිරියගේ බෙල්ල කැපුවාට සැමියා අත්අඩංගුවේ

බිරියගේ බෙල්ල කැපුවාට සැමියා අත්අඩංගුවේ

February 7, 2016   10:02 am


වාරියපොල, සිවල්ලව, ඊතණවත්ත ප්‍රදේශයේ දී කාන්තාවක ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ කාන්තාවගේ සැමියා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

තියුණු ආයුධයකින් ගෙල කපා පසුගිය 02 වන දින  අදාළ කාන්තාව සිය නිවස තුළ දී ඝාතනය කර තිබුණි.

ඒ අනුව සිදුකළ විමර්ශනවලදී වාරියපොල පොලීසිය විසින් අදාළ කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගෙන  තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 70 හැවිරිදි අයෙකු වන අතර ඔහු වාරියපොල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

වාරියපොල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.