බවුසරයේ ගැටී දෙදෙනෙක් මරුට
February 7, 2016 09:57 am
මහනුවර, බණ්ඩාරනායක මාවතේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
අද (07)අලුයම ගැටඹේ සිට මහනුවර දෙසට ධාවනය වු මෝටර් රථයක් එම දිශාවටම ධාවනය වු ට්රැක්ටර් බවුසර් රථයක පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.
අනතුරෙන් බරපතළ තුවාල ලැබු මෝටර් රථයේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනෙකු මහනුවර රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 42 හැවිරිදි සහ 39 හැවිරිදි මහනුවර සහ කටුගස්තොට ප්රදේශවල පදිංචිව සිටි දෙදෙනෙකි.
අනතුරෙන් බවුසර් රථයේ රියදුරු ද තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මහනුවර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.