නීති විරෝධී මත්පැන් සමඟ 1ක් කොටු

නීති විරෝධී මත්පැන් සමඟ 1ක් කොටු

February 7, 2016   09:20 am




දිවුලපිටිය, වැවගෙදර ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් ජාවාරමක නිරත වු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

එහිදී ගෝඩා ලීටර් 1800කට වැඩි ප්‍රමාණයක් සහ මත්පැන් පෙරීමට යොදා ගන්නා උපකරණ පොලීසිය භාරයටගෙන තිබේ.

සැකකරු දිවුලපිටිය, හංවාපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.