ලංකාපුත්‍ර බැංකුවට පොලු තැබූ වංචනිකයින්ට නඩු

ලංකාපුත්‍ර බැංකුවට පොලු තැබූ වංචනිකයින්ට නඩු

February 7, 2016   09:13 am


පසුගිය රාජ්‍ය සමයේ දැඩිලෙස දේශපාලනීකරණයට ලක්වූ ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව විසින් විවිධ දේශපාලනිකයන්ගේ බලපෑම් මත ලබාදී තිබු රුපියල් ලක්ෂ 2000,000,000ක් සම්බන්ධයෙන්  මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය  විසින් පරීක්ෂණ සිදුකොට පරීක්ෂණ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.

මේඅනුව පුද්ගලයන් සහ ආයතන 14ක් සඳහා ලබාදී තිබු රුපියල් මිලියන 2000කට අසන්න ණය මුදල් සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කළ අතර කිසිදු පිළිගත් ක්‍රමවේදයකින් තොරව ලබාදී තිබු මෙම මුදල් අවභාවිතකර ඇති ආකාරය පිළිබදව කරුණු රාශියක් අනාවරණය වී ඇත.

දේශපාලකයින්ගේ අවශ්‍යතා මත මෙලෙස රාජ්‍ය බැංකුවක මුදල් ලබාදීම බලවත් වරදක් වන අතර විශේෂයෙන්ම ණය මුදල් වශයෙන් ලබාදුන්නද මෙම මුදල් දේශපාලකයින්ගේ දේශපාලන කටයුතුවෙනුවෙන් පරිහරණය කළ බවට පිලිගතහැකි සාක්ෂි ලැබී ති‍බේ.

ඒ අනුව රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් මෙම  පුද්ගලයන්ට හා ණය මුදල් වශයෙන් නිසි ක්‍රමවේදයෙන් තොරව මෙම මුදල් ලබාදුන් නිලධාරීන්ට විරුද්ධව නඩු පැවරීම සිදුවනු ඇත.

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් බැංකුවේ නිලධාරීන්, ණයකරුවන් සහ විවිධ පාර්ශව ගණනාවකින් මේ සම්බන්ධයෙන් සාක්ෂි සටහන්කොටගෙන ති‍බේ.