සුදුගඟේ නාන්න ගිය අයෙක් අතුරුදන්

සුදුගඟේ නාන්න ගිය අයෙක් අතුරුදන්

February 7, 2016   08:37 am

මාතලේ, බණ්ඩාරපොළ ප්‍රදේශයේදී සුදුගඟේ දියනෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිළී අතුරුදන් වී තිබේ.

ඊයේ පස්වරුවේ ඔහු සුදුගඟේ දියනෑමට ගිය අවස්ථාවේ සැඩ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.

අතුරුදන්ව ඇත්තේ මාතලේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රජයේ නිල නිවාසයක පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙකි.

 මාතලේ පොලීසිය සහ ප්‍රදේශවාසීන් අතුරුදන් වු පුද්ගලයා සෙවීමේ මෙහෙයුම් සිදුකරන බව පොලීසිය සඳහන් කර තිබේ.